Monday, 1 October 2007

නැණසල මිතුරු හවුල - පුංචි අපිට ඉඩක්



ආදරණීය දුවේ පුතේ,

“නැණසල” තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාණයේ (“NENASALA” ICT Training Centre) පුහුණුව ලබන දූ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධණය කිරීමෙහිලා වෙන්වූවකි.

ආදරණීය දුවේ පුතේ ඔබගේ නිර්මාණාත්මක් අදහස් මෙන්ම අධ්‍යපනික තොරතුරු, විහිලු කතා, ජනකතා, ජන ගායනා, නිසදෙස් යනාදී වශයෙන් ඔබගේ ඕනෑම නිර්මාණයක් මේ හරහා ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයට එකතුකිරීමට පුලුවනි.

ඉතින්, මුළු විශ්වයම තාක්ෂණයේ අග්‍රගන්‍ය ප්‍රථිලාභ භුක්තිවිදීමට සැරසෙන මොහොතක සදාචාරයෙන්, සංස්කෘතියෙන් හා සභ්‍යත්වයෙන් පිරිපුන් විශ්ව ගම්මානයක් බිහිකිරීමට ඔබටයි මේ ඇරයුම.....


...................................
සහාය සදහා
Google talk : sampath333
Skype : sampath3331
...................................
Sampath M.T.E.A,
Director,
Nenasala ICT Training Centre,
"Kandiyapitawewa" & "Thanamalvila" branch,
www.nenasala.org
info@nenasala.org
0722-508 608

....................................

වියැකුණු නෙත් කදුලු

කුරුල්ලන්ගේ කිචි බිචි නාදය මැදින් කන්ද මුදුන් රන්වන් රැස් දහරා විහිදුවමින් හිරු කුමරාද නැගි ආවේය. රෑ උයා තිබු අලකොළ මාඵවත් සමග බත් කටක් කා නෙත්මිකා දෙමාපියන්ගේ ආශිර්වාදය මැදින් සුදුවැලි පාර දිගේ පාසල වෙත පියමැන්නේ ඇයගේ අනාගත සිහිනය සැබෑ කරගන්නට සිහින මවමින්ය.ඇය නොදැණුවත්වම පාසල ළගටම ගොසින් තිබිණි.
Good Morning නෙත්මි
Good Morning කුමුදු අද ඔයා වේළාසනින් ඇවිල්ලා.මට නමි ටිකක් පරක්කු වුණා කුමුදු අමිමා අසනිප වේළා හින්දා ගෙදර වැඩ ටිකත් කරලා ආවේ.නෙත්මිගේ මව වු සිරියලතා පිළිකාවක් සෑදිනිතර අසනිප වෙයි. ඇගේ පියා ඡිනදාස ගොවිතැන් කර ගන්නා මුදලින් පවුල නඩත්තු විය.ඇය පාසලේ එකොළහ පංතියේ ඉගෙණුම ලබන බැවින් පවුලේ ඇති ආර්ථික අපහසුතා මැද ඇයගේ අධ්‍යපන කටයුතු කරගෙන යැම ඉතා දුෂ්කර විය.එහෙත් අපහසුතා මැදින් වුවද තම උස්සහය අත් නොහැරේය.එම කැපවිම නිසාම ඇය මෙම වසරේ හොදම සහ දක්ෂම ශිෂ්‍යාව බවට පත් විය.එබැවින් ගුරුවරුන් ඇයට ආශිර්වාද කර සුභ පැතුහ.පංතිවල හොදම ශිෂ්‍යයන් හට තාග්‍ය පුදානය සදහා උස්සවයක් සංවිධානය කර තිබිණි.නෙත්මිකාට එදිනට ඇදගෙන යාමට හොද ගවුමක්වත් නොතිබිණි.ඇය හැමදාම ඇන්දේ එකම ගවුමය.ඒ නිසාම පංතියේ සමහරක් ළමුන් ඇයට එක ගවුමේ ළමාතැනි කියා උසුළු විසුළු කලේය.

" බලා‍පොරොත්තුවන්න"

Eranda sampath

Friday, 28 September 2007

පාළු රැයක නිසසල සඳ

සැඳෑ හිරු බැසයත්ම ඈත් නුදුර වූ කදු නෙත් අතරින් නැගී එන සඳ මඩල වැව් තෙර නදියේ චමත්කාරයද එක්ව ගෙන දෙනුයේ මහත්වූ ලයාන්විත ආස්වාදයකි. සැදෑ හිරු අවරට යත්ම සියතුන් ඔවුනොවුන්ගේ කැදලි කරා පියබා ගොසිනි.අවටින් නැගෙනුයේ මැඩියන්ගේ මැඩි සංගීත නාදයයි. ඒ අතරට ඈතින් මුසුවන හඩ නම් නිසසල හඳ එළියේ පියනගන කෑරලුන්ගේ හඩය.වැවු දිය හා ගැටෙමින් ඈතින් හමා එන මදනළ ගතට මෙන්ම සිතටද ගෙන දෙනුයේ පාරිශුද්ධ මෙන්ම පිවිතුරු චේතනාවන්ය.

වැවු දිය හා කෙලිලොල් වන පුන් සදෙහි ඡායාව චංචල දිය මත දිලෙමින් ගෙන දෙනුයේ අපූරු සුන්දරත්වයකි.ඒ දිය කද දෙපලු කරමින් සෙමෙන් සෙමෙන් ඇදෙන ඒ ඔරුවේ දිස්වනුයේ ආදරයේ පූජනීයත්වය කැටිව මල් නෙලමිය් යන සොදුරුතම යුවලකි.කරගැට නැගුණු දෑතින් හබල් ගසා ජීවිතය නැමැති සයුරේ ඉදිරියට ඇදෙන ඔහු හා ඇත්තේ සියුමැලි දෑතින් එක්කරගත් පිරිපුන් සුදු නෙළුම් මල් කලඹක් අතැති ශ්‍රියා කාන්තාවයි.

තරමක් උස්වූ, පිරිපුන් සුදෝ සුදු සද එලියේ නැහැවී ගත් නුදුරු වෙහෙර බලා මොවුන් පිය නගනුයේ මේ මල් මුණිදුට පුදා සදාතනික ආදරයෙන් අප එක්වේවායි යන අති පවිත්‍ර ප්‍රාර්ථනාව පෙරදැරිවයි. අවටින් දිස්වන පෞරාණික නෙත්කලු කැටයමින් යුත් ටැම් සමූහයාද ඒ දෙස නෙත් අයා සිටිනුයේ ආශිර්වාදාත්මක දෙනෙතින්.

එවන් සොදුරු අතීතයක මතක සටහන් අතරේ අද මා ‍මේ වැවු තෙරේ වූ මාකදයින්ගේ දර්ශණ හා බකමූණු හ්ඹ්ම්...හ්ඹ්ම්... හඩ අතර විරසකිනි. පසෙකින් අදුරු අහසේ කළු වලාකුලු අතරින් බැසයන සඳය. බොරවු වැවු දිය මත ඇත්තේද මී හරක් හා වල් හරකුන්ගේ කුරු සටහන්ය.

මෙවන් පාලු නිසල රැයක අද මා......



Sampath M.T.E.A,
www.nenasala.org
info@nenasala.org

සදාචාරයෙන්, සංස්කෘතියෙන් හා සභ්‍යත්වයෙන් පිරිපුන් විශ්ව ගම්මානයක් කරා.......



සියවසෙන් සියවස,දසකයෙන් දසකය, වර්ෂයෙන් වර්ෂය,මාසයෙන් මාසය, සතියෙන් සතිය, දිනෙන් දින, වරුවෙන් වරුව, පැයෙන් පැය, මොහොතින් මොහොත ඉදිරියට යත්ම ඔබත් - මමත්, ගසුත්- වැලුත් ඇතුලු මුළු විශ්වයම තාක්ෂණයේ අග්‍රගන්‍ය ප්‍රථිලාභ භුක්තිවිදීමට සැරසෙන මොහොතක සදාචාරයෙන්, සංස්කෘතියෙන් හා සභ්‍යත්වයෙන් පිරිපුන් විශ්ව ගම්මානයක් බිහිකිරීමට ඇරයුමයි මේ....

එරන්ද සම්පත්,
අධ්‍යක්ෂක,
නැණසල -කණ්ඩියපිටවැව
www.nenasala.org
info@nenasala.org
0722 508 608